පළාත් කිහිපයකට අදත් වැසි

පළාත් කිහිපයකට අදත් වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 23-12-2025 | 6:07 AM

COLOMBO (News 1st) - ඌව, නැගෙනහිර පළාත් වලත්, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, බලපිටිය සිට කොළඹ, පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාරත සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකිය.

නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයෑම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මකයි.