.webp)
-606555.jpg)
COLOMBO (News 1st ) - දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4.1 ක් බව ලෝක බැංකුව පවසයි.මෙරට ගොඩනැගිලි හා ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා යටිතල පහසුකම්වලට සිදුව ඇති භෞතික හානිය මෙලෙස ලෝක බැංකුව විසින් ගණනය කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ එම පාඩුව මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයකට සමාන බවය.
ලෝක බැංකු සමූහය විසින් අද දින ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post-Disaster Damage Estimation වාර්තාවෙහි මෙම තොරතුරු දැක්වේ.
මෙම වාර්තාවට අනුව වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය ඇස්තමේන්තු කර ඇත්තේ ඩොලර් මිලියන 689ක් ලෙසය.
එසේම මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය ඩොලර් බිලියන 1.735ක් ලෙසින් ගණනය කර ඇත.
එය සමස්ත හානියෙන් 42%ක ප්‍රමාණයක්ය.
ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැගිලිවලට මෙම දිට්වා ව්‍යසනයෙන් සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985ක් වේ.
මේ අතර වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සිදුවී ඇති හානිය ඩොලර් මිලියන 814ක් ලෙසින් ලෝක බැංකුව ගණනය කර තිබේ.
එමෙන්ම රෝහල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන, මහාපරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562 ක්.
