.webp)
-606531.jpg)
COLOMBO (News 1st) - කොහුවල හා අම්බලන්ගොඩ ප්‍රදේශවලදි ඊයේ (22) සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.
කොහුවල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි 25 හැවිරිදි පුද්ගලයෙකුට, ඊයේ යතුරු පැදියකින් පැමිණි අයෙකු වෙඩි තබා පළාගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
අම්බලන්ගොඩ වෙඩි තබා වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු ඝාතනය සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක අතර සැකකරුවන් පැමිණි යතුරු පැදිය, අඳාදොල ප්‍රෙද්ශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ගන්නා ලදි.
