.webp)
-606505.jpg)
එහිදී අනාවරණය වුණේ, ප්රහාරයට පැමිණි සැකකරුවන් සති කිහිපයකට පෙර වෙඩි තැබීම පිළිබඳ පුහුණුවක් ලබා ඇති බවයි.
සැකකරුවන් දෙදෙනා මාස කිහිපයක් තිස්සේ ප්රහාරය සූක්ෂමව සැලසුම් කර ඇතැයි ද, හෙළිවී තිබෙනවා.
ඔත්තු බැලීම සඳහා ඔවුන් බොන්ඩායි වෙරළට පැමිණ ඇත්තේ, වෙඩි ප්රහාරයට දින දෙකකට පෙරයි.
එය ත්රස්තවාදී ක්රියාවක් පිළිබඳ ඔත්තු බැලීම සහ සැලසුම් කිරීම පිළිබඳ සාක්ෂියක් බවට, පොලිසිය චෝදනා කර තිබෙනවා.
ප්රහාරය දියත් කිරීමට පෙර තුවක්කුකරුවන්ගේ වාහනය තුළ අයි එස් සංවිධානයේ ධජ දෙකක් තිබූ බව සඳහන්.
පොලීසිය පවසන්නේ, සැකකරුවන් විසින් පයිප්ප තුළ සඟවා බෝම්බ තුනක් සහ ටෙනිස් බෝලවල සැඟවූ බෝම්බයක් පිරිස දෙසට විසි කළ නමුත් කිසිවක් පුපුරා නොගිය බවයි.
සැකකරුවන්ගේ ජංගම දුරකතනයක තිබී පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අයි එස් සංවිධානයේ ධජයක් දැක්වෙන වීඩියෝවක් ද සොයාගෙන තිබේ.
පිය පුතු දෙපල එක්ව කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි විය.
එක් සැකකරුවෙකු වන 24 හැවිරිදි නවීඩ් අක්රම්ට මිනීමැරුම් චෝදනා 15ක්, ත්රස්ත චෝදනා ඇතුළුව වැරදි 59ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
දෙවැනි තුවක්කුකරු වන ඔහුගේ පියා වන සජිඩ් අක්රම් වෙඩි තැබීම සිදුකළ දින පොලිස් වෙඩි පහරින් මිය ගියේ ය.
