කොහුවල ප්‍රදේශයේ වෙඩි තැබීමක්...

කොහුවල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල - පොලීසිය

by Staff writer 22-12-2025 | 9:56 PM

COLOMBO(News1st) - කොහුවල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සදහන් කළේ, ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට, යතුරු පැදියකින් පැමිණි අයෙකු වෙඩි තබා පළාගොස් ඇති බවයි.

තුවාලකරුගේ වයස, අවුරුදු 25 ක් වන අතර ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව, පොලීසිය සඳහන් කළේ ය.