ආපදාවෙන් සිදුවූ පරිසර හානිය සොයා බැලීමට කමිටුවක්

ආපදා හේතුවෙන් සිදුවූ පරිසර හානිය සොයා බැලීමට කමිටුවක් -පරිසර ඇමති

by Staff writer 21-12-2025 | 7:49 AM

COLOMBO (News 1st) -දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් සිදුවූ පරිසර හානිය පිළිබඳ සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ, ඊට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත් බවයි.

ආපදා හේතුවෙන් පරිසර පද්ධතියට සිදුවූ සමස්ත හානිය තක්සේරු කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීමට නියමිත බව, අමාත්‍යවරයා සඳහන් කළේ ය.