කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා පැය 8ක් ජල සැපයුම අත්හිටුවයි - ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය

by Staff writer 20-12-2025 | 7:51 AM

COLOMBO(News1st) - කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා පැය 8 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව  කොළඹ එක සිට කොළඹ 15 දක්වා සහ බත්තරමුල්ල , පැලවත්ත, හෝකන්දර , කොස්වත්ත , තලවතුගොඩ , කෝට්ටේ රාජගිරිය , මිරිහාන , මාදිවෙල , නුගේගොඩ , නාවල , කොලොන්නාව, අයි.ඩි.එච්,  කොටිකාවත්ත , අංගොඩ , වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත , මහරගම , බොරලැස්ගමුව , දෙහිවල මොරටුව සහ සොයිසාපුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති

ලංකා විදුලි බල මණ්ඩලය මගින් සිදු කරනු ලබන නඩත්තු කටයුතු ජල සැපයුම අත්මිටුවීමට හේතුවී තිබේ.