යළි ඇරඹූ දුම්රිය ධාවනය...

අඹේවෙල - බදුල්ල සහ කොටුව - ත්‍රිකුණාමලය දුම්රිය ධාවනය හෙට සිට.

by Staff writer 19-12-2025 | 1:27 PM

COLOMBO (News 1st) – අඹේවෙල - බදුල්ල සහ කොළඹ කොටුව - ත්‍රිකුණාමලය දුම්රිය ධාවනය හෙට සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක  අසංක සමරසිංහ සඳහන් කළේ, මේ යටතේ අඹේවෙල - බදුල්ල අතර දුම්රිය දෙකක් ධාවනයට සැලසුම් කර ඇති බවයි.

කොළඹ කොටුවෙන් උදෑසන 7ට ත්‍රිකුණාමලය දක්වාත් ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 7ෙටත් දුම්රිය දෙකක් ධාවනයට හෙට(20) සිට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සිදුවන්නේ මහව දක්වා පමණයි.

කලාඔය පාලමේ අලුත්වැඩියා කටයුතුවලින් පසු කන්සන්තුරේ දක්වා දුම්රිය ධාවනයට පවතින බාධා ඉවත්ව යන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.