මනම්පිටිය කැළෑබද ප්‍රදේශයකින් පුද්ගල මළ සිරුරක්

මනම්පිටිය කැළෑබද ප්‍රදේශයකදී අත්පා සහ මුඛය ගැට ගැසූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වෙයි..

by Staff writer 18-12-2025 | 10:32 AM

COLOMBO (News 1st) - මනම්පිටිය කොටලීය පාලම ආසන්නයේ කැලෑබඳ ප්‍රදේශයේ තිබී අත්පා සහ මුඛය ගැට ගසා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිදිරි දළුකාන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ටිපර් රථ රියදුරෙකු වන අතර ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණි බවට බිරිඳ කළ පැමිණිල්ලක් අනුව මළ සිරුර සොයා ගෙන තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.