අනිද්දා (20) සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්..

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත්!

by Staff writer 18-12-2025 | 5:56 AM

COLOMBO (News 1st) - 

අනිද්දා (20) සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේවෙතත්, අද (19) දිනයේත් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකිය.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි.100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් සවස 1න්  පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.