.webp)

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකියි.
නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ සඳහන් වේ.
කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පෙන්වා දෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ අණාවැකියේ සඳහන් වේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාළගුණ නිවේදනයේ දැක්වේ.
මේ අතර,ප්‍රධාන වැව් 26 ක් තවදුරටත් වාන්දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල විද්‍යා අංශයේ අංශයේ අධ්යක්ෂ එල්.එස් සූරිය බණ්ඩාර සඳහන් කළේ මධ්‍යම ප්‍රමාණයේ වැව් 41ක්ද වාන් දමමින් පවතින බවයි.
මේ අතර, මහනුවර, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 26කට අධියර දෙක යටතේ අවදානයෙන් සිටිය යුතු බවට වන නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, කුරුණෑගල, බදුල්ල, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 33කට අධියර එක යටතේ නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.
