.webp)

පසුගිය ඉරිදා සිට අඟහරුවාදා දක්වා දින තුනක කාලයක් රොයිටර්ස් සහ ඉප්සෝස් ආයතන විසින් සිදුකල සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී තිබේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රැකියා කාර්ය සාධනය හෙවත්, ජනපති ධුරයේ ඔහුගේ සාර්ථකත්වය, 39%ක් දක්වා පහළ ගොස් ඇති බවයි.
එය දෙසැම්බර් මුල් සතියේ, 41%ක් ලෙස පැවති අතර මේ වසරේ ජනවාරි මාසයේදී 47%ක් ලෙස පැවතුණි.
තීරු බදු සහ සංක්‍රමණික ප්‍රතිපත්ති ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් තීරණ අමෙරිකාව තුල මතබේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
