ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 16-12-2025 | 9:13 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ සමාජිකයකු වූ ඩී.එස් ද සිල්වා ලන්ඩන්හිදී අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ ඩී.එස් ද සිල්වා අභාවප්‍රාප්ත වන විට 83වැනි වියෙහි පසුවුණි.

ඔහු ටෙස්ට් තරග දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත.

ඩී.එස් ද සිල්වා ටෙස්ට් ක්‍රිකට් තරග 12ක් සහ එක්දින තරග 41ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුහුණුකරුවෙක්, කණ්ඩායම් කළමනාකරුවෙක් සහ ජාතික තේරීම් කමිටු සමාජිකයකු ලෙසද කටයුතු කළේ ය.

ඔහු 2009 වසරේ සිට 2011 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.