තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර, අද සිට ආරම්භ වේ

තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර, අද සිට ආරම්භ වේ..

by Staff writer 16-12-2025 | 7:19 AM

COLOMBO (News 1st) - 

තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර, අදින් (16) ආරම්භ වේ.

පළාත් තුනක හැර ඉතිරි පළාත්වල පාසල් අද (16) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේ ය.

ලේකම්වරයා පැවසුවේ ආපදා හේතුවෙන් සෘජුවම බලපෑමට ලක්වූ දරුවන්ට පහසු හා සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට අවසර ලබාදී ඇති බවය.

මේ අතර ලබන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා පාසල් වලට යළි නිවාඩු ලබාදෙන්නේ, නත්තල් උත්සවය නිමිත්තෙන්.

මේ අතර, නොවැම්බර් මාසයේ ලංගම වාර ප්‍රවේශ පත්‍රයෙන් මේ මාසයේ ද බස් රථ වල ගමන් කිරීමට සිසුන්ට අවස්ථාව දී තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ, පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවය.

මේ අතර නොවැම්බර් මාසයේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයෙන් මේ මාසයේදී ද දුම්රිය වල ගමන් කිරීමට සිසුන්ට අවස්ථාව දී ඇත.