විදුලි බල මණ්ඩලයට, රුපියල් මිලියන 20.000 පාඩුවක්.

ආපදා හේතුවෙන් විදුලි බල මණ්ඩලයට, රුපියල් මිලියන 20.000 පාඩුවක්.

by Staff writer 14-12-2025 | 10:18 AM

COLOMBO (News 1st) - පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 20.000ක පාඩුවක් සිදුව තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත සදහන් කළේ, මේ වන විට බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 99% ක්ම යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

නිවාස අහිමිවූ විදුලි පාරිභෝගිකයින් පිරිසක් සිටින බව ද, ඔහු සඳහන් කළේ ය.

බිඳ වැටුණු සියලු සම්ප්‍රේෂණ පද්ධති ද, මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.

ආපදා හේතුවෙන් දිවයින පුරා වාර්තා වූ විදුලි බිඳ වැටීම් සංඛ්‍යාව, ලක්ෂ 41 ක්.