.webp)
-605637.jpg)
COLOMBO (News 1st) - සුප්‍රකට Amazon සහ Microsoft සමාගම් ඉන්දියාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 52 ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට සූදානම් වේ.
ඒ , ඉන්දියාවේ කෘතීම බුද්ධිය හෙවත් AI සම්බන්ධ ව්‍යාපෘති නඟා සිටුවීම සහ ශක්තිමත් කිරීම වෙනුවෙනි.
ඒ අනුව Microsoft සමාගමෙන් ඉන්දියාවට ඩොලර් බිලියන 17.5ක ආයෝජනයක් හිමි වේ.
ඉදිරි වසර පහ තුළ Amazon සමාගමත් ඩොලර් බිලියන 35ක් ඉන්දියාවේ ආයෝජනය කිරීමට නියමිතය.
ඉන්දියාවේ ජනගහනයෙන් බිලියනයකට වැඩි පිරිසක් දෛනිකව අන්තර්ජාලය භාවිත කිරීම හේතුවෙන් ජාත්‍යන්තර තාක්ෂණ සමාගම් ඉන්දීය වෙළඳපොල කෙරෙහි ඔවුන්ගේ දැඩි අවධානය යොමු කර ඇත.
