යුරෝපා කලාපය දුර්වලයි - ඩොනල්ඩ් ට්‍රම්ප්

යුරෝපා කලාපය දුර්වලයි - අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 10-12-2025 | 9:37 AM

COLOMBO (News 1st) - මේ වන විට යුරෝපා කලාපය දුර්වල වී ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකාවේ "පොලිටිකෝ" සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

සෑම ජන කොට්ඨාසයක්ම සතුටු කිරීමට උත්සහ දරමින්, දේශපාලනිකව නිවැරදි වීමට යුරෝපය දරන උත්සාහය ඔවුන් දුර්වල කිරීමට හේතුවී ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලබයි.

සංක්‍රමණිකයින් යුරෝපයට ඇතුළුවීම හේතුවෙන් කලාපය "දිරාපත් වෙමින්" ඇති බවත් නීති විරෝධී ලෙස යුරෝපයට ඇතුළු වූ පුද්ගලයින් ඔවුන්ගේ මව් රටවල් බලා පිටුවහල් කිරීමට, යුරෝපා රටවල් වහාම කටයුතු කළ යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන ලදි.

රුසියානු - යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට හෝ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට යුරෝපා කලාපය අපොහොසත් වී ඇති බවත් වැඩිදුරටත් ට්‍රම්ප් පවසා සිටී.