ජපානයේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කෙරේ..

ජපානයේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කෙරේ..

by Staff writer 09-12-2025 | 6:54 AM

COLOMBO (News 1st) -  උතුරු ජපානයේ පැසිෆික් වෙරළ තීරයට පනවා තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

ඒ සුනාමි අවදානම පහව යාම හේතුවෙනි.

ඊයේ (08) මෙරට වේලාවෙන් රාත්‍රී 7.45ට පමණ උතුරු ජපානයේ "අවුමොරි" නගරයට ඔබ්බෙන් වූ කිලෝමීටර 54ක් පමණ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් ගෙන ඇත.

එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් 7.5ක් වේ.

මේ හේතුවෙන් මීටර 3ක පමණ සුනාමියක් ඇතිවිය හැකි බවට වාර්තා පළවුවද, අද අළුයම ජපානයේ ඇතැම් ප්‍රදේශ වල නිරීක්ෂණය වූයේ සෙන්ටිමීටර 70ත් - 20ත් අතර උසක සුනාමියක් පමණක් බවත් විදෙස් වාර්තා දක්වයි.

අනතුරු ඇඟවීම් හමුවේ පුද්ගලයින් 90,000ක් පමණ ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කෙරුණු අතර, එරට ඇතැම් ප්‍රදේශ වල දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවාද නැවත දැමුණි.

දැනට වාර්තා වන තොරතුරු වලට අනුව පුද්ගලයින් 6 දෙනෙකු පමණ භූ කම්පනය හේතුවෙන් සුළු තුවාල ලබා ඇත.

කෙසේ නමුත් හොකයිඩෝ දූපත් ආශ්‍රිතව ඉදිරි සතිය තුළ තවත් ප්‍රභල භූ කම්පනයක් ඇතිවිය හැකි බවට ජපන් බලධාරීන් අනතුරු අඟවයි.

ප්‍රදේශය ආශ්‍රිතව තවත් මැග්නිටියුඩ් 6.6ක පමණ පසු කම්පනයක් වාර්තා වූ බව අද අළුයම 4ට පමණ, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරන ලදි.