.webp)

COLOMBO (News 1st) - අනුරාධපුර ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝග්‍රෑම් 12000 කට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මුද්‍රා තබා තිබේ.
ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ ,ගංවතුර හා විදුලිය ඇණහිටීම හේතුවෙන් එම මස් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 1926 අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාල සත්ව ගොවිපළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරීක්ෂාවට ලක්කර තිබුණි.
එම මස් තොගයට අදාළ සාම්පල අද, රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.
රස පරික්ෂක වාර්තා අනුව ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බව, ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ය.
