ගනේතැන්න-කඩුගන්නාව අතර කොටස විවෘතයි..

කොළඹ - නුවර පාරේ ගනේතැන්න - කඩුගන්නාව අතර කොටස සම්පූර්ණයෙන් විවෘත කෙරේ..

by Staff writer 08-12-2025 | 8:09 AM

COLOMBO (News 1st) - කොළඹ නුවර පාරේ ගනේතැන්න සහ කඩුගන්නාව අතර කොටස අද සිට සම්පූර්ණයෙන් විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා සඳහන් කළේ, අද උදෑසන 7 ට එම මාර්ග කොටස සම්පූර්ණයෙන් විවෘත කළ බවයි.

ආපදා හේතුවෙන් හානිවූ ප්‍රධාන මාර්ග 256 න් 219 ක් මේ වන විට රථ වාහන ධාවනය සඳහා විවෘත කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.