රුසියාවෙන්, යුක්‍රේනයට ගුවන් ප්‍රහාර 700 ක්.

සාම සාකච්ඡා අතරතුර රුසියාවෙන්, යුක්‍රේනයට ගුවන් ප්‍රහාර 700 ක්.

by Staff writer 06-12-2025 | 6:21 PM

COLOMBO(News1st) - රුසියාව, යුක්‍රේනයට තවත් ගුවන් ප්‍රහාර 700 ක් එල්ල කර තිබේ.

ඒ, රුසියා - යුක්‍රේන සාම සාකච්ඡා, අමෙරිකාවේ මියාමිහිදී තුන්වැනි දිනටත් ආරම්භ වීමට නියමිත පසුබිමකදීයී.

ඩ්‍රෝන ප්‍රහාර 653ක් සහ මිසයිල ප්‍රහාර 51ක්, රුසියාව දියත් කර තිබේ.

කලාප අටක බලශක්ති පහසුකම්වලට එම ප්‍රහාර එල්ල වීමෙන් විදුලිය බිඳ වැටීම් ද වාර්තා වී තිබේ.

මේ අතර, රුසියා යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් යුක්‍රේනය සමග පැවති සාකච්ඡා වල ප්‍රගතියක් පෙන්නුම් කරන බව, අමෙරිකාව පවසයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ, දිගුකාලීන සාමයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කළ බවයි.

සාම ගිවිසුමකට එළඹීම රඳා පවතින්නේ, රුසියාවේ කැපවීම මත බව, අමෙරිකාව සඳහන් කළේ ය.