ලබන 9 වැනිදා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ලබන 9 වැනිදා සිට පළාත් රැසක වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 05-12-2025 | 4:11 PM

COLOMBO(News1st) - ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා පළාත් රැසක වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් සිදුවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සදහන් කළේ, උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත් වල, එලෙස වැසි වැඩි විය හැකි බවයි.