පළාත් කිහිපයකට අද තද වැසි..

පළාත් කිහිපයකට අද තද වැසි..පරිස්සමෙන්..- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 04-12-2025 | 7:52 AM

COLOMBO (News 1st) - උතුරු , උතුරුමැද , නැගෙනහිර , ඌව සහ මෙන්ම හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වලට අද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට සවස් කාලයේදී මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.

මේ අතර ආපදාවෙන් විපතට පත්වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඒ , ත්‍රිවිද හමුදාව , පොලීසිය , සෙසු රාජ්‍ය ආයතන , ස්වේච්ඡා කණ්ඩායම් සහ විදේශීය සහන සේවා කණ්ඩායම්වල මැදිහත්වීමෙනි.
අධික වැසි සමඟ හටගත් ආපදා වලින් මිය ගිය සංඛ්‍යාව 479ක්.

අතුරුදන්වු 350 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පුද්ගලයින් එක් ලක්ෂ අසු අට දහස් 974 දෙනෙකු සුරක්ෂිතතා කඳවුරු 1347 ක රැඳී සිටී.

පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 55 ,405ක්.

ආපදා තත්ත්වය වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ මහනුවර, නුවර එළිය, බදුල්ල , මාතලේ සහ කුරුණැගල දිස්ත්‍රික්කවලටය.

මේ අතර දිස්ත්‍රික්ක 04කට නාය යෑම් පිළිබද රතු නිවේදන නිකුත් කෙරුණි.

මහනුවර , කුරුණෑගල , කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්.

බදුල්ල , නුවරඑළිය , ගම්පහ , කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් සඳහා  ද නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණි.