.webp)
-604978.jpg)
COLOMBO (News 1st) - කොළඹ -මහනුවර මාර්ගයේ කඩුගන්නාව කොටස රථ වාහන ධාවනය සඳහා විවෘත කර තිබේ.
ඒ ආරක්ෂක සීමාවන්ට යටත්වය.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි සඳහන් කළේ උදෑසන 6 සිට රාත්‍රි 9 දක්වා පමණක් මාර්ගය විවෘත බවය.
ඒ අනුව එක් මන්තිරුවක් පමණක් වාහන ධාවනයට යොදා ගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන ලදි.
මේ අතර ආපදා තත්වය හේතුවෙන් බාධාවන්ට ලක්වු මාර්ග 176 ක් මේ වන විට වාහන ධාවනය සඳහා සුදුසු තත්වයට පත් කර තිබේ.
සෙසු මාර්ග කඩිනමින් යාථා තත්ත්වයට පත් කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන ලදි.
