.webp)

COLOMBO (News 1st) - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඹේපුස්ස දක්වා පමණක් සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනට කොච්චිකඩේ දක්වා සීමා කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ ය.
මේ අතර ආපදා තත්ත්වයෙන් හානියට පත් දුම්රිය මාර්ග පිළිසකර කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
මාර්ගයේ ස්ථාන රැසක සෝදා යාම් හා නායයෑම් වාර්තා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
ඇතැම් ස්ථානවලට දැඩි හානි සිදුව ඇති බවද දෙපාර්තමේන්තුව පවසන ලදි.
