සිරස ශක්ති සහන යාත්‍රා උඩු ගුවනින් සහනාධාර ගෙනයයි

සිරස ශක්ති සහන යාත්‍රා පළමු වරට උඩු ගුවනින් ගංවතුරෙන් විපතට පත් පවුල් සඳහා ආධාර රැගෙන යයි..

by Staff writer 01-12-2025 | 11:33 AM

COLOMBO (News 1st)-

රට පුරා ක්‍රියාත්මක සහන සේවා කටයුතුවලට ශක්තියක් ලබා දෙමින්, සිරස ශක්ති සහන යාත්‍රාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාව සඳහා ආහාර සහ පිරිසිදු පානීය ජලය රැගෙන යාමේ පළමු ගුවන් මෙහෙයුම අද උදෑසන ආරම්භ කළේ ය.

ඒ , දිස්ත්‍රික්ක 25ක් පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සහනාධාර රැගත් රථ වලට ඇතැම් ප්‍රදේශවලට ළඟා වීමට නොහැකි නිසාවෙනි.  

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුරෙන්  ජනතාව මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති අතර, සිය ගණනකගේ ජීවිත අහිමි විය.

තවමත් බොහෝ දෙනෙකු අතුරුදහන් වී ඇත.  

ගම්පහ, පුත්තලම, ගම්පොල, මධ්‍යම පළාතේ සහ කොළඹ ඇතැම් ප්‍රදේශ ඇතුළුව දරුණු ලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල තවමත් ජනතාව සිරවී සිටින අතර,  එම ප්‍රදේශවල ප්‍රධාන ප්‍රවේශ මාර්ගත් වසා තිබේ. 

සහන නිලධාරීන් පවසන්නේ ගුවන් යානයෙන් අත්‍යවශ්‍ය සලාක, පානීය ජලය සහ සනීපාරක්ෂක කට්ටල රැගෙන යන බවයි.

මාධ්‍ය ප්‍රමුඛ, සහන සේවා කණ්ඩායම් සහ ගුවන් හමුදාව අතර සහයෝගීතාවය භාණ්ඩ බෙදාහැරීම වේගවත් කරනවා මෙන්ම , ලොරි රථ සහ බෝට්ටුමගින් ළඟා විය නොහැකි දුරස්ථ ස්ථානවලට ළඟා වීමට හැකියාව පවතියි.

මහරාජා මාධ්‍ය ජාල ප්‍රධානී ශෙවාන් ඩැනියල් මෙම ක්‍රියාන්විතය හඳුන්වා දෙන්නේ, “ජීවත්වීම අභියස සිටින අයට ලබාදෙන ජීවනාලියක්” ලෙසයි.

වාහන ළඟා විය හැකි ප්‍රදේශවලට සහනාධාර බෙදාදීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, වාහන ළඟා වීමට නොහැකි දැඩි අවදානම් කලාප වෙත ගුවන් මගින් සහනාධාර ද්‍රව්‍ය බෙදා දීම වේගවත් කරයි