උඩරට සහ උතුරු මාර්ගවල දුම්රියධාවනය තවදුරටත් අඩාලයි

උඩරට සහ උතුරු මාර්ගවල දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි...

by Staff writer 01-12-2025 | 8:12 AM

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ඇණහිට තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය, අඹේපුස්ස දක්වා සීමා කර ඇති බවයි.

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය, හලාවත දක්වා සීමා කර තිබේ.

කැලණි වැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව, දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ ය.