අද සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කෙරෙනවා

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලබාගන්නා යාවත්කාලීන තොරතුරු මත අද සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කෙරෙනවා - ලංකා ගමනාගමන මණ්ඩලය

by Staff writer 01-12-2025 | 8:10 AM

COLOMBO (News 1st) - 

සාමාන්‍ය පරිදි අද බස් රථ ධාවනය කෙරෙන බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී පී එච් ආර් ඩී චන්ද්‍රසිරි සඳහන් කළේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලබාගන්නා යාවත්කාලීන තොරතුරු මත බස් ධාවනය කරන මාර්ග තීරණය කරන බවයි.