ජනතාවට සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස්

by Staff writer 27-11-2025 | 5:48 PM

 COLOMBO(News1st) - ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් මැදිහත් වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක, අදාළ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ, අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම වෙනුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ය.