.webp)

මෙවැනි පසුබිමක එම අවස්ථා තවත් පුළුල් කරමින් ලබන වසරේ සුවිශේෂී ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව උදාවීම අද දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිදී ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ Innovation Island Summit සමුළුවේ දෙවන අදියරයි.ඔබ්සර්වර් පර්යේෂණ පදනම (ORF) සමග කැපිටල් මහරාජා සමූහය (CMG) මෙවරත් සමුළුවේ සත්කාරකත්වය දරනවා.
ඔබ්සර්වර් පර්යේෂණ පදනම(ORF) සංවිධානය කරන කේප්ටවුන් සමුළුව අතුරතුර Innovation Island සමුළුව ලබන වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය.
ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ සභාපති ආචාර්ය සමීර් සරන් මහතා ප්‍රකාශ කළේ,
ගෝලීය දකුණේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම සදහා මෙම සමුළුව නව වේදිකාවක් සකස් කරදෙන බවයි.
මෙහිදි ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ සභාපති ආචාර්ය සමීර් සරන් සඳහන් කළේ,
"Innovation Island සමුළුවේ මීළග අදියර නිවේදනය කිරීමට කේප් ටවුන් කදිම වේදිකාවක්.හවුල්කාරීත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ නවෝත්පාදන මත ගොඩනැගුන නව ප්‍රවේශයකින් අප්‍රිකාව සහ දකුණු ආසියාව ඉදිරියට ගමන් කරමින් ඉන්නවා.පසුගිය වසරේ කොළඹ පැවති සමුළුව ශ්‍රී ලංකාවට අරමුණක් සහ අභිලාෂයක් සහිතව ලෝකය එක්රැස් කළ හැකි බව සනාථ කළා.සමුළුවේ දෙවන අදියර එම අභිලාෂය තවත් ඉදිරියට ගෙන යනු ඇති.ගෝලීය දකුණ තුළ සහයෝගීතාවය සහ නිර්මාණශීලිත්වය වැඩිදියුණු කිරීම සඳහා එය නව වේදිකාවක් වනු ඇති."
කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා ප්‍රකාශ කළේ, ලබන වසරේ මැයි මස 11 සහ 12 දෙදින Innovation Island සමුළුව පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
මෙහිදි ශෙවාන් ඩැනියල් මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
''මං හිතන්නේ ලංකාව තාක්ෂණය සහ නවෝත්පාදන ඒ ක්ෂේත්‍රය හරහා ලෝකයටම ගෙන යා හැකි අවස්ථාවක් වෙනවා, නොවනුමානයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ නායකත්වය ගන්නවානම් එහෙමනම් තාක්ෂණය හරහා ඒ නායකත්වය අපට පෙන්විය හැකියි. ඊට අමතරව මම හිතන්නේ අපේ රටට එන ඒ ආයෝජකයින් සහ ජාත්‍යන්තර නායකයින් හරහා අපේ රටේ විශේෂයෙන්ම තරුණ පරපුරට ඉතාමත්ම අනගි අවස්තාවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා එන අවුරුද්දේ මැයි මාසේ Innovation Island Summit එහෙම නැත්නම් Innovation Island සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි කියලා මම සතුටින් දැනුම් දෙන්නට කැමතියි''
Innovation Island සමුළුවේ පළමු අදියර පසුගිය පෙබරවාරි මාසයේ කොළඹදී පැවැත්වුනේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේද සහභාගිත්වයෙන්.
ලොවපුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යවසායකයින් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් එය පැවැත්වූ අතර
විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ තරුණියන්ට නව අදහස් ඉදිරිපත් කිරීමටත් සංවාද ගොඩනගා ගැනීමටත් එම සමුළුව ප්‍රමුඛ අවස්ථාවක් වූ අතර මෙවර එම අවස්ථා තවත් පුළුල් කිරීමට තීරණය කර තිබේ.
