.webp)
-604600.jpg)
COLOMBO (News 1st) - මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පුරා විද්‍යා නාම පුවරු ගැලවූ බව කියන පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද මඩකලපුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවේ ය.
සැකකරුවන් විසින් කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පුරා විද්‍යා නාම පුවරු දෙකක් ගලවා ඇති බව පොලීසිය සඳහන් කරන ලදි.
මේ අතර කදිරවේලි ප්‍රදේශයේ පුරා විද්‍යා නාම පුවරු 03ක්, හා පංකුඩාවේලි ප්‍රදේශයේ එක් පුරා විද්‍යා නාම පුවරුවක් ගැලවීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
කදිරවේලි ප්‍රදේශයේ ගලවා දැමු එක් නාම පුවරුවක් හා පංකුඩාවේලි ප්‍රදේශයේ ගලවා දැමූ නාම පුවරුවක් මේ වනවිට සොයා ගෙන තිබේ.
මේ අතර මඩකපුව කෝරලේපත්තු ප්‍රදේශයේ ගලවා දැමූ පුරා විද්‍යා නාම පුවරු හත යළි සවිකරන්නැයි වාලච්චේන අධිකරණය කෝරලේපත්තු ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු 5 දෙනෙකුට ඊයේ නියෝග කරන ලදි.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීය.
ඊට සම්බන්ධ සැකකරුවන් 4කු ඊයේ (25) අධිකරණයට භාර වුණේ ය.
එක් සැකකරුවෙකු ඊට පෙර අත්අඩංගුවට ගැනුණි.
පොලීසිය එහිදී අධිකරණයට පැවසුවේ ගලවා තිබූ පුරාවිද්‍යා නාමපුවරු 7ක් වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ තිබී සිය භාරයට ගත් බවය.
