උපරිම මිල නියම කළ ඖෂධ ගැන විමර්ශන..

උපරිම මිල නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන - ජාතික ඖෂධ නියාමන අධිකාරිය

by Staff writer 26-11-2025 | 8:12 AM

COLOMBO (News 1st) - උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

උපරිම මිල නියම කළ ඖෂධ ලැයිස්තුව මේ වනවිට WWW.NMRA.GOV.LK වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති බව කොමිසම සඳහන් කළේ ය.

එම මිළ ගණන් ඉක්මවා ඖෂධ අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවිය හරහා පැමිණිලි කිරීමේ හැකියාවද පවතින බව අධිකාරිය ප්‍රකාශ කරන ලදි.

ඖෂධ වර්ග 350 කට උපරිම මිල නියම කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා පියවර ගන්නා ලදි.

එම මිල නියම කිරීමත් සමග ඇතැම් ඖෂධ වර්ගවල මිළ ගණන් සියයට 40 කට උපරිමයකට යටත්ව මිළ අඩු කෙරුණි.