ඉන්දියාවේ දිල්ලි නුවර වායු දූෂණය තවත් ඉහළට..

ඉන්දියාවේ දිල්ලි නුවර වායු දූෂණය තවත් ඉහළට..

by Staff writer 26-11-2025 | 11:30 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ දිල්ලි නුවර වායු දූෂණය තවත් ඉහළ ගොස් තිබේ.

මේ තත්ත්වය හමුවේ එරට වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබුණේ එම වායුව අඝ්‍රාණය කිරීම නිරෝගී පුද්ගලයෙකු වුවද හානිකර බව පවසමිනි.

පෙනහළු හෝ හෘද රෝග ඇති අයෙක් නම් වහාම නගරයෙන් පිටත්ව යන ලෙසටද ඔවුන් උපදෙස් දී තිබේ.

දිල්ලි නුවර මේ තත්ත්වය සති කිහිපයක සිට පැවතියේ ය.

ඒ හේතුවෙන් නගරයේ පාසල් කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීම සහ රැකියා කටයුතු නිවසේ සිට කිරීම වැනි පියවරයන් ගෙන ඇතැයි සඳහන් වේ.