ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති සහ අගමැති හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති සහ අගමැති හරිනි අතර හමුවක්...

by Staff writer 24-11-2025 | 12:53 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, එම හමුවේ දී අමෙරිකානු තානාපතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන සාම බලකා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්,  අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් අවධානය යොමු කළ බවයි.

එක්සත් ජනපද රජය විසින් ගෙන යන ප්‍රමුඛ ශිෂ්‍යත්ව වැඩසටහනක් වන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන, මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් ඇය සිහිපත් කළාය .

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රයන්හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ  අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, රටේ මානව සංවර්ධන ප්‍රමුඛතා සමග සමපාත වන  විද්වතුන් බිහි කිරීමේ වැදගත්කම ද  අවධාරණය කර තිබේ.