උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්..

විභාග කොමසාරිස් ජනරාල්ගෙන් උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්..

by Staff writer 24-11-2025 | 7:52 AM

COLOMBO(News1st) - පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවූ නායයාමත් සමග ගමනාගමන අවහිරතාවන්ට මුහුණදී ඇති අපොස උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා ගමනා ගමණ මණ්ඩලය බස් රථ යොදවා තිබේ.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා පැවසුවේ, විකල්ප මාර්ග ඔස්සේ මහනුවර දක්වා ධාවනය කිරීමට, මාවනැල්ල ඩිපෝවෙන් එලෙස බස් රථ යොදවා ඇති බවයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ, විභාගය පැවැත්වෙන දිනයන්හිදී විකල්ප ප්‍රවාහන ක්‍රම හරහා විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවේශවීමට නොහැකි යම් අපේක්ෂකයෙකු ඇත්නම් ළඟම පිහිටි කලාප අධ්‍යාපන කාර්යාලය හෝ 117 සහ 1911 යන දුරකතන අංක අමතන ලෙසයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට සැලසුම් කරන ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරිය විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙයි.