කොකේන් සමග විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 250 ක කොකේන් සමග විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 24-11-2025 | 12:09 PM

COLOMBO(News1st) - රුපියල් මිලියන 250 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දිවයිනට පැමිණි විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අබුඩාබි සිට පැමිණි මැලේ ජාතිකයෙකු එලෙස අත් අඩංගුවට ගෙන ඇතැයි රේගුව සඳහන් කළේ ය.

ඔහු සතුව තිබී සොයාගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 05 කට අධිකයි.

අදාළ පුද්ගලයා සිය අත් බෑගයේ තිබූ චොකලට් අඩංගු ටින් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය කරල් ලෙස සකසා රැගෙන විත් තිබේ.