ත්‍රීරෝදරථයක් මතට ගසක් වැටී වූ අනතුරෙන් අයෙකු මරුට

රඹුක්කන - මාවනැල්ල මාර්ගයේදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරෙන් පුද්ගලයෙකු මරුට...

by Staff writer 24-11-2025 | 7:57 AM

COLOMBO(News1st) - රඹුක්කන-මාවනැල්ල මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මතට මාර ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ , 38 හැවිරිදි ත්‍රීරෝද රථයේ රියදුරු එලෙස මියගොස් ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

වයස අවුරුදු 57 ක පුද්ගලයෙක්, 48 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු දෙක හමාරක ගැහැණු දරුවෙකු එලෙස රෝහල් ගතකර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

මේ අතර, පොලීසිය පැවසුවේ, එම විශාල ගස ඉවත් කරන තෙක් රඹුක්කන - මාවනැල්ල මාර්ගය තලගොල්ල තාවකාලිකව වසා දමා ඇති බවයි.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.