.webp)

කළු ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතින්නේ, මිල්ලකන්ඳ ප්‍රදේශයෙන්.
නිල්වලා ගඟ පානඳුගමින් සහ ගිං ගඟ බද්දේගමින් සුළු ගංවතුර මට්ටමේ පවතියි.
තවදුරටත් වැසි ඇදහැලුනහොත්, එම ගංඟා වල ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත් වලටත්, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත්, අද(23) මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ වැසි ඇති විය හැකියි.
තද වැසි සමග තද සුළං ද, ඇති විය හැකි වන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මේ අතර දිස්ත්‍රික්ක දහයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, මාතර සහ කොළඹ දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, අදියර එක සහ අදියර දෙක යටතේයී.
