ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් දැනුම්දීමක්..

උපරිම මිල නියම කළ ඖෂධ වැඩි මිලට අලෙවි කරන ඔසුසැල් ගැන තොරතුරු දැනුම් දෙන්න - ජාතික ඖෂධ නියාමන අධිකාරිය

by Staff Writer . 23-11-2025 | 3:10 PM

COLOMBO(News1st) - උපරිම මිල නියම කළ ඖෂධ වැඩි මිලට අලෙවි කරන ඔසුසැල් සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන්නැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එලෙස උපරිම මිලක් නියම කළ ඖෂධ සංඛ්‍යාව, 350 කි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ඒ අනූව ඖෂධ වර්ග රැසක මිල 40% ක උපරිමයකට යටත්ව, විවිධ ප්‍රතිශතවලින් පහළ ගොස් ඇති බවයි.

එම මිල සීමාව ඉක්මවා ඖෂධ අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද, ඔහු සදහන් කළේ ය.

පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ, රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල ගණන් එලෙස පහළ දමා තිබේ.