.webp)

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත්, මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේ, ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
තද වැසි සමග තද සුළං ද, ඇති විය හැකියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
