.webp)

ඒ , අයථා ලෙස උපයා ගත් මුදල් භාවිතා කරමින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුව කැදවූ අවස්ථාවේදී ය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති, ඇගේ සැමියා වන තිස්ස ගලප්පත්ති සහ මුදිත ජයකොඩි මෙහි වගඋත්තරකරුවන් ය.
බැසිල් රාජපක්ෂ සහ අයෝමා ගලප්පත්ති විවෘත්ත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන්ගේ ඇපකරුවන් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා කිහිපයක් ඇතුලත් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
එම වෛද්‍ය වාර්තා අධ්‍යයනය කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම සැකකරුගේ රෝගී තත්ත්වයන් පිළිබඳව ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල පරස්පරතා කිහිපයක් පෙන්වා දුන්නේ ය.
