පළාත් කිහිපයකට ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්.

by Staff writer 21-11-2025 | 4:12 PM

COLOMBO (News 1st) - පළාත් 5කට අද රාත්‍රියේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව සහ වයඹ පළාත් වල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් ය.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ද ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.