.webp)

ඒ , ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.
ඇතැම් ස්ථානාධිපතිවරුන් එම තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබේ.
නීති විරෝධි වත්කම් කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා මාරු කර ඇත්තේ කිතුල්ගල පොලිස් ස්ථානාධිපති ලෙසයි.
පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපති, ඇන්ඳාන පොලිස් ස්ථානාධිපති ලෙස ස්ථාන මාරු කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය රාජකාරිවල නිරතවු නිළධාරින් දෙදෙනෙකු, මුල්ලේරියාව සහ අහුංගල්ල පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
ඇටවීරගොල්ල , යාපනය , පුත්තලම , දෙයියන්දර , ඇල්පිටිය , ගිරිඋල්ල , කිතුල්ගල , නෙල්ලිඅඩි , කිලිනොච්චි , කෑගල්ල , හෝමාගම සහ වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරු ස්ථාන මාරු කල පිරිස අතරට ඇතුළත්.
මාතලේ , උහන , වැලිවේරිය , කැළණිය , කුඹුක්ගැටේ , කුරුණෑගල සහ ඇන්ඳාන පොලිස් ස්ථානාධිපතිවරුන් ද ස්ථාන මාරු කර තිබේ.
