උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

by Staff writer 21-11-2025 | 7:33 PM

COLOMBO (News 1st) – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ,  අද රාත්‍රි 8.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය වන බවයි.

බදුල්ලෙන් පස්වරු 6.30ට ගමන් ආරම්භ කරන රාත්‍රි තැපැල් දුම්රිය ද අද සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර තිබේ.

කෙසේ වෙතත් කොළඹ කොටුවෙන් හෙට පෙරවරු 9.45ට ගමන් ආරම්භ කරන දුම්රිය හෙට ධාවනය වන්නේ නැහැ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බදුල්ලෙන් හෙට පෙරවරු 10.20ට කොළඹ බලා ධාවනය වන දුම්රිය ද අවලංගු කළ බවයි.

උඩරට මාර්ගයේ සෙසු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉදල්ගස්හින්න සහ ඔහිය අතරදී මාර්ගයට පස් කන්ඳක් කඩා වැටී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් දින තුනක සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවිය.