ප්‍රදේශ රැසකට වැසි සමග ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට වැසි සමග ප්‍රබල අකුණු

by Staff writer 20-11-2025 | 4:14 PM

COLOMBO(News1st) - ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශ වලට තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.