උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සීමා කෙරේ..

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් නානුඔයට සීමා කෙරේ.. අද(20) උදේ 10.20ට බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රියත් අවලංගුයි.

by Staff writer 20-11-2025 | 10:06 AM

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් නානුඔයට සීමා කර තිබේ.

ඒ , ඉදල්ගස්හින්න සහ ඔහිය අතරදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය පීලිපැනීම හේතුවෙනි.

ඊයේ (19) අලුයම මෙම පස් කන්ද කඩා වැටුණු අතර තවදුරටත් එය ඉවත් කිරිමේ කටයුතු සිදු කෙරේ.

මේ හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සහ අද උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරුණි.

අද උදෑසන 10.20 බදුල්ලෙන් කොළඹ බලා ධාවනය වන දුම්රිය ද මේ වන විට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ නායයාමේ අවධානම් සහිත තවත් ස්ථාන 5 ක් හදුනා ගෙන තිබේ.

ජාතික ගොඩනැලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක සඳහන් කළේ එම මාර්ගයේ නායයාමේ අවධානමට ලක්විය හැකි බවට හදුනාගත් ස්ථාන 31 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.