.webp)
-604197.jpg)
COLOMBO (News 1st) - මිදිගම ප්රදේශයේ හෝටලයක හිමිකරු සහ පවුලේ සමාජිකයින් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදීය.
ඔහු සතුව තිබී T56 ගිනි අවියක්, උණ්ඩ 30ක් සමග මැගසින් එකක් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්රශ්න කිරීම් ආරම්භ කළ බව පොලිසිය සඳහන් කළේ ය.
