.webp)

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කර තිබේ.
ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙනි.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්හින්න ඔහිය දුම්රිය ස්ථාන අතර ප්‍රදෙශයේ දී පීලිපැනීමකට ලක්ව ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදි.
බදුල්ල දිසුත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දුම්රිය දෙමාර්තමේන්තුව එක්ව මාර්ගයේ පස් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
