මීටියාගොඩ වෙඩි තැබීම ගැන අනාවරණයක්..

මීටියාගොඩ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහදුර නලීන්ගේ නැගණියයි..විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3ක් - පොලීසිය

by Staff writer 18-11-2025 | 9:02 AM

COLOMBO (News 1st) - ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තබා කාන්තාවක් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් සඳහන් කළේ ය.

සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රථිඵලයක් ලෙස ඇය ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහඳුර නලීන්ගේ නැගණියයි.

මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇත.

මත්පැන් අලෙවි සැලක වෙළදාම් කරමින් සිටි කාන්තාව ඉලක්ක කරමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රි වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණි.