.webp)

COLOMBO (News 1st) - ගොවීන් දෙලක්ෂ 26015 දෙනෙකුට මේ වන විට මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනූව ගොවීන්ට දී ඇති මුදල, රුපියල් මිලියන 2214 ක්.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කළේ, මෙතෙක් සහනාධාරය නොලැබුණු ගොවීන්ගේ ගිණුම්වලට, ලබන අඟහරුවාදා වන විට මුදල් බැර කරන බවය.
